ජාත්‍යන්තර සංවර්ධනය පිළිබද ඇමෙරිකානු ආධාර වැඩසටහනේ පරිපාලන නිලධාරී සමන්තා පවර් මහත්මිය තුන්දින නිල සංචාරයක් වෙනුවෙන් දිවයිනට පැමිණියා.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණි සමන්තා පවර් මහත්මිය සමග පැමිණි දූත පිරිසට තවත් තිදෙනෙකු ඇතුළත්. පිරිස පිලිගැනීමට ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් එක් වුණා.
සමන්තා පවර් මහත්මිය ඇතුළු ඇමෙරිකා දූත පිරිස මෙම නිල සංචාරය නිමා කර එළඹෙන 12 වනදා පිටත්ව යාමට නියමිතයි.
