ශ්‍රී ලංකාවට එවන්න තිබූ කේරල ගංජා කිලෝ 2,090 ක් ඉන්දියාවේදී අත්අඩංගුවට
Related Articles
ශ්‍රී ලංකාවට එවීමට සූදානම් කර තිබූ බව කියන කේරළ ගංජා කිලෝග්‍රෑම් 2090ක් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පුද්ගලයින් 6 දෙනෙකු සහ වාහන දෙකක්ද සමගයි. කීරෙයිතුරෙයි පොලිසියට ලැබුණ තොරතුකර අනුව පොල්වත්ත නවතා තිබූ භාණ්ඩ පරික්ෂා කර තිබෙනවා. එහිදී ලොරි රථයේ සිටි අය පවසා ඇත්තේ සීනි රැගෙන යන බවයි. සිදු කළ පරික්ෂාවේදී හමුවී ඇත්තේ සීනි ගෝනි අතර කේරල ගංජා ගෝනිද ඇති බවයි.
මෙම කේරල ගංජා තොගය මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට එවීමට සූදානම් කර තිබූ ඒවා බව ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
සැකකරුවන් 6 දෙනාගෙන් දෙදෙනෙකු ශ්‍රී ලාංකිකයන් බවද වාර්තා වනවා.