ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් පහළ ගොස් තිබෙනවා.
ලෝක වෙළෙඳපොළේ කෘෘඩ් බොරතෙල් මිල ඩොලර් 94.7 දක්වා ඩොලර් දෙකකින් පමණ පහළ ගොස් ඇති බවත් බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 103.2 දක්වාත් පහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් එල් පී ඇතුළු ස්වභාවික වායු මිල ජූනි මාසයට සාපේක්ෂව 4% කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මෑතකාලයේ බ්‍රෙන්ට් සහ කෘෘඩ් බොරතෙල් මිල ඉහළම අගයක් වාර්තා කළේ ජූනි මාසයේ අග භාගයේදීයි.