මාර්ග බාධක බිද දමමින් ලෝක වෙළෙද මධ්‍යස්ථානය ඉදිරිපිට මාර්ගයට අවතීර්ණ වීමට ගිය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයට පොලීසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
සාමකාමී මහජන අරගලයට පහරදුන් පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමිනුයි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය මෙය සංවිධාය කර තිබුණේ. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් මෙම විරෝධතා පාගමන ආරම්භ කෙරුණා. මරදාන පාර ඔස්සේ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ගමන් ගත් පාගමන බැංකු මාවතට අවතීර්ණ වී ලෝක වෙළෙද මධ්‍යස්ථානය ඉදිරිපිට රදවා තිබූ මාර්ග බාධක ඉවත් කිරීමට උත්සාහ දැරුවා. එම අවස්ථාවේදී පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් විරෝධතාකරුවන් ප්‍රදේශයට ඇතුළුවීම වළක්වාලීමට කටයුතු කළා.
මේ වන විටත් විරෝධතාකරුවන් අසල මාර්ගවල ගැවසෙමින් පොලීසියට විරෝධය පළ කරන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
