අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ වැදපුදා ගත්තා.
අග්‍රමාත්‍යවරිය මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ආගමික වතාවත්වල නිරතවුණා.
දළදා මාලිගාවට පැමිණි ඇය රැස්ව සිටි සැදැහැවතුන් සමගද අදහස් හුවමාරු කර ගත්තා.
මේ අතර අග්‍රාමාත්‍යවරිය මල්වතු මහා විහාරයට ගොස් එහි මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදුටුවා.
රටේ වත්මන් තත්ත්වය පිළිබද අග්‍රාමාත්‍යවරිය මහනායක ස්වමීන් වහන්සේ දැනුවත් කළා.
අග්‍රාමාත්‍යවරිය අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහනායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤානරතන ස්වාමීන් වහන්සේද බැහැදුටුවා. එහිදී ඇය මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා.