ලොව ප්‍රීතිමත්ම රටවල් ශ්‍රේණිගත කිරීමවලට අනුව අඛණ්ඩව 7වැනි වරටත් ෆින්ලන්තය පළමු ස්ථානයට පත්ව තිබෙනවා.
මෙම වාර්තාවට අනුව දෙවන ස්ථානය ඩෙන්මාර්කයට හිමිව තිබෙනවා.
තුන්වන ස්ථානය අයිස්ලන්තයට හිමිවුණේ.
අදාළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 128වන ස්ථානයයි.
රටවල් 143ක වෙසෙන පුද්ගලයන්ගේ ප්‍රතිචාර භාවිතා කරමින් සකස් කර ඇති මෙම වාර්තාව වයස් කාණ්ඩ අනුව වෙන වෙනම ශ්‍රේණිගත කර තිබෙනවා.
. මේ සදහා ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, සමාජ සහයෝගය, සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව, නිදහස, ත්‍යාගශීලීභාවය සහ දූෂණය වැනි සාධක සැලකිල්ලට ගෙන ඇති බවද සඳහන්.

