අද දිනයේත් පැය 3කට අධික විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
කලාප දෙකක් යටතේ පැය 3යි විනාඩි 20 ක කාලයක් විදුලි කප්පාදුව අද සිදු කෙරෙනවා. මේ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සදහා පෙරවරු 9.00 සිට සවස 5.00 අතර කාලය තුළ පැය 2ක විදුලි කප්පාදුවක් සිදු වනවා. එමෙන්ම එම කලාපවලට සවස 5 සිට රාත්රි 9.00 අතර කාලය තුල තවත් පැයයි, විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි. එමෙන්ම P, Q, R, S, T, U, V, W කලාප සදහා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය දෙකක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනවා. එම කලාප සදහාත් සවස 5.00 සිට රාත්රි 9.00 දක්වා පැයයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

