fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජාතීන්ගේ මහලේකම් රුසියාවේ විශේෂ සංචාරයක

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2022 11:38

එක්සත් ජාතීන්ගේ මහලේකම් රුසියාවේ විශේෂ සංචාරයක

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුතරේස් රුසියාවේ මොස්කව් නුවර ලබන අගහරුවාදා විශේෂ සංචාරයක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජගත් මහලේකම්වරයා රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතව සිටිනවා. යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් ඔහු දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කළේ. රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොෆ් සමග ද අන්තෝනියෝ ගුදරේස් සාකච්ඡා කිරීමට නියමිතයි. ජගත් මහලේකම්වරයා යුක්රේනයේ ද සංචාරයක් කිරීමට සැලසුම් කර ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ.

යුද්ධයෙන් පීඩාවට පත්ව සිටින සිවිල් ජනතාව වෙනුවෙන් මානුෂීය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජගත් මහලේකම්වරයාගේ අවධානය යොමු වී තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 23, 2022 11:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්