වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නව අධ්‍යයන කේන්ද්‍ර ගොඩනැගිල්ල විවෘත කිරිම ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.
වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල හමුදා සහ පෞද්ගලික අංශයේ සේවයේ නිරත වෛද්‍යවරුන්ට විශේෂඥ පුහුණුව ලබා දෙන මෙරට ඇති එකම විධිමත් ආයතනය වේ.
ආයතනයේ පහසුකම් සංවර්ධනය සදහා රජය රුපියල් බිලියන 2.5 ක් වෙන්කර තිබෙනවා.
ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකට ද එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.