කහ වගාවෙන් මේ වන විට රට ස්වයංපෝෂිත තත්ත්වයකට පත්ව තිබෙනවා.
අස්වනු අපනයනය කිරීමටද අපේක්ෂා කරන බවයි ගම්පහ දිස්ත්රික් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ වන විට ගම්පහ දිස්ත්රික්කයේ විශාල පිරිසක් කහ වගාවට යොමු වී තිබෙනවා. මීරිගම ප්රදේශයේ කහ මිලදී ගැනීමේ කටයුතුද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තිබෙනවා. මෙහිදී ගොවීන්ගෙන් කහ කිලෝග්රෑම් හයදහස් හයසියයක් පමණ මිලට ගත් බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. කිලෝග්රෑම් එකක් සදහා රුපියල් එකසිය හැටපහක මුදලක් ගෙවන බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. තමන්ගේ නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලැබීම සම්බන්ධයෙන්ද ගොවි ජනතාව රජයට ස්තූතිය පළ කරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/81tFDd-69gY”]
