සෞඛ්‍ය වෘත්තීය සමිති කීපයක් අද වැඩ වර්ජනයක් ආරම්භ කළා. අද සහ හෙට යන දින දෙකේ දී මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරෙනවා.
මේ අතර රට පත්ව ඇති තත්ත්වය හමුවේ මෙවැනි වර්ජන සිදුකිරීම සියලු දෙනා හෙළාදැකිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සදහන් කරන්නේ.
පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම, අමාත්‍ය මණ්ඩලය අනුමත කළ උසස්වීම් වලට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීම ඇතුළු ඉල්ලීම් හතරක් මුල්කර ගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මකයි. ළමා, මාතෘ, පිළිකා, වකුගඩු ඇතුළු අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක කිරීමට වර්ජනයේ නිරත වෘත්තීය සමිති නියෝජිතයින් තීරණය කර තිබෙනවා.
වර්ජනය හේතුවෙන් රෝහල්වලට පැමිණි රෝගීන් දැඩි දුෂ්කරතාවන්ට ලක්ව සිටිනවා. එමෙන්ම රටම අර්බුද රැසකට මුහුණදී සිටි මෙවැනි වර්ජන සිදුකිරීම හෙළාදැකිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය අවධාරණය කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/Ykb7yVbgL_E”]
