ජනාධිපතිවරණය හේතුවෙන් මේ දිනවල විවිධ දේශපාලන පක්ෂ විසින් තමන්ගේ දේශපාලන ප්රචාරණ කටයුතු සඳහා ළමයින් සහභාගි කරගැනීම පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට විවිධ පාර්ශවයන්ගෙන් පැමිණිලි ලැබී තිබෙනවා.
මේ පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ අවධානය යොමුවී ඇති අතර, ඊට අදාළ විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇති බවයි එම අධිකාරිය පැවසුවේ.
ඒ සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය පහතින් දැක්වේ.