විදේශයන්හි සිට පසුගිය මාස 04 ක කාලය තුළ මෙරටට නීති විරෝධීව රැගෙන ආ අවස්ථාවේදී අත්අඩංගුවට ගත් දුම්වැටි ලක්ෂ 20 කට අධික ප්‍රමාණයක් විනාශ කෙරුණා.
විදේශයක සිට කිසිදු මගියෙකුට මෙරටට දුම්වැටි රැගෙන ඒම තහනම් වනවා.
එසේ වුවද පසුගිය මාස 04 ක කාලය තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පැමිණි රැගෙන ආ විදෙස් දුම්වැටි විසි ලක්ෂ තිස් දෙදහස් අටසිය හතරක ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකර ගැනුණා .
එම දුම්වැටි රේගුවේ මූලිකත්වයෙන් කෙරවල පිටියේ පිහිටි අපද්‍රව්‍ය බලශක්ති විදුලි බලාගාරයේදීයි විනාශ කෙරුණේ .
මෙම දුම්වැටි තොගයේ වෙළෙඳපොල වටිනාකම රුපියල් මිලියන 305 ක් වනවා.
දුම්වැටි මෙසේ රැගෙන ඒමෙන් රජයට අහිමි වන මුදල රුපියල් මිලියන 271 ක් බවයි වාර්තා වන්නේ.
