මඩකලපුව කිරාන් ප්‍රදේශයේ යුද හමුදා රාජකාරි සඳහා ලබා ගත් ඉඩමක් වසර 30කට පසු අයිතිකරුවන්ට යළි භාර දුන්නා.
යුද සමයේ හමුදා භාරයට ගත් පෞද්ගලික ඉඩම් නැවත අයිතිකරුවන්ට ලබාදීමේ ව්‍යාපෘතියට අනුවයි කිරාන් ප්‍රදේශයේ ඉඩම අයිතිකරුවන්ට යළි ලබාදීම සිදු කෙරුණේ. යුද හමුදා හතරවන ගැමුණු හේවා බලඇණිය මගින් පවරනු ලැබූ මෙම ඉඩම අක්කර පහකින් සමන්විතයි. එහි පිහිටුවා තිබූ ගොඩනැගිලි ද සමගම අයිතිකරුවන් වෙත ලබාදීමට කටයුතු කෙරුණා. ඒ නැගෙනහිර පළාත් ආඥාපති මේජර් ජෙනරාල් සී ඩී චන්න ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. ආඥාපතිවරයා මඩකලපුව දිසාපති කනපතිපිල්ලේ කරුණාකරන් මහතා වෙත අදාළ ඔප්පුව ලබා දුන්නේ අයිතිකරුවන් වෙත පිරිනැමීම සදහායි. ඉඩම් අයිතිකරුවන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට එක්වුණා.
