කැළණිය අධ්‍යාපන කලාපයට අයත් පාසල් 44ක් සංවර්ධනය සදහා රුපියල් ලක්ෂ 70ක ප්‍රතිපාදන ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
බස්නාහිර පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක අපේ පාසල අපේ දෑතින් සුරකිමු වැඩපිළිවෙල යටතේයි මෙය ක්‍රියාත්මක කෙරුණේ.
බියගම, මහර, කැළණිය, වත්තල යන කොට්ඨාසවල පාසල් 44ක් සංවර්ධනය සදහා රුපියල් ලක්ෂ 70ක ප්‍රතිපාදන මේ අනුව පිරිනැමුණා. ඒ සිසිර ජයකොඩි සහ ලසන්ත අලගියවන්න යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්.
විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමව්පියන් සහ සිසු දරුවන්ගේ සහයෝගය මත පාසල් සංවර්ධනය කරමින් සිසු අධ්‍යාපනය නගා සිටුවීම ව්‍යාපෘතියේ අරමුණයි.
