පාස්කු ප්‍රහාරය පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණා.
ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දුන්න ද දින දෙකක් ඔහු එය මගහැර සිටියා.
අද උදෑසන 10 ට පමණ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ තම දේශපාලන හිතවතුන්ද සමගයි.
මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/oE6LQ_tb8Ac”]
