බටහිර අප්‍රිකානු රාජ්‍යක් වන අයිවරිකෝස්ට්හි අග්‍රාමාත්‍ය හමීඩ් බකයොකෝ ජීවිතක්ෂයට පත්වුණා.
පිළිකාවක් හේතුවෙන් ජර්මනියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මිය යන විට ඔහු 56 වන වියේ පසු වුණා. පසුගිය වසරේ ජූලි මාසයේ සිට ඔහු අයිවරි කෝස්ට් හි අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා.2000 වර්ෂයේ සිට අයිවරිකොස්ට් රාජ්‍යයේ පැවති සිවිල් අරගල ගැටලුව විසඳීම සඳහා කැපවී කටයුතු කළ දේශපාලන නායකයතු ලෙසයි ඔහු සැලකෙන්නේ.