තරුණ ව්‍යවසායකයින් ජාතික ඇදුමෙන් සැරසිලා ඉන්න එක දකින්නට ලැබීම විශාල ආඩම්බරයක් බව අගමැතිතුමා ප්‍රකාශ කළා.
තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ සංවත්සර සැමරුමට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
ලාංකේය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ 22 වන සංවත්සර සැමරුම කොළඹදී පැවැත්වුනේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
රාජ්‍ය අමාත්‍යවරුන් වන කංචන විජේසේකර, ශෙහාන් සේමසිංහ හා දයාසිරි ජයසේකර, ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න, යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ඇතුලු පිරිසක්ද ඊට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/RbRtzchDTa0″]