ශ්‍රී ලංකාවේ කොවිඩ් නයින්ටීන් වයිරසය ආසාදිත වුවන්ගේ සංඛ්‍යාව දස දහස ඉක්මවා ගියා. ඒ ඊයේ (30) වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 633 දෙනාත් සමඟින්.
ඒ අනුව මේ දක්වා මෙරටින් හමුවී ඇති මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 10,424ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ වනවිට, 4,282ක් සම්පූර්ණ සුවය ලබා තිබේ.
වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් වාර්තාවූ බවයි කොවිඩ් නයින්ටීන් පැතිරිම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.
කිලිනොච්චිය හැර අනෙකුත් සියලු දිස්ති්රක්වලින් මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් වාර්තා වී තිබෙනවා. එබැවින් සෞඛ්‍යාරක්ෂිතව ඉදිරි දින කිහිපය ගත කරන ලෙසයි යුද හමුදාපතිවරයා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

