තුර්කියට සහ ග්‍රීසියට බලපෑ භූ කම්පනය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
700 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. භූ කම්පනයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ තුර්කියේ ඉස්මීර් ප්රදේශයටයි. රිච්ටර් පරිමාණ ඒකක හතක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලි විස්සකට අධික සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා. පසුකම්පන ද සියයකට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.