දකුණු කොරියානු නිලධාරියෙක් තම රට තුලදී ඝාතනයට ලක්වීම පිළිබද සමාව අයදින බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් සදහන් කළ බවයි දකුණු කොරියා බලධාරීන් නිවේදනය කරන්නේ.
එය සිදුවිය නොවිය යුතු දෙයක් ලෙස උතුරු කොරියා නායකයා දකුණු කොරියා නායකයා දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් හට පවසා ඇති බව වාර්තා වනවා. මෙම සිද්ධිය පිළිබද තමා අතිශයින් කණගාටුවට හා පසුතැවීමට ලක්වූ බව උතුරු කොරියා නායකයා පවසා ඇති බවයි දකුනු කොරියා ජනාධිපති මන්දිර මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ.
ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා දකුණු කොරියාවේ සිට උතුරු කොරියාව වෙත පලාගොස් ඇති අතර ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමටයි උතුරු කොරියා හමුදා නිලධාරීන් කටයුතු කර ඇත්තේ.
කොරෝන වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට තම රටට නීතිවිරෝධීව ඇතුළුවන ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තබන ලෙස උතුරු කොරියා නායකයා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
