ඇදිරිනීතිය හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසක සිරවූ පිරිස් සිය ගම්බිම් වෙත පිටත්කර හැරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරුණා. උතුරු කොළඹ පොලිස් බල ප්‍රදේශයේ මෙලෙස සිරවී සිටි පිරිස් ගම්බිම් වෙත යැවීම අද සිදුකෙරුණා.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඇදිරිනීතිය පැනවීමත් සමග කොළඹ ප්‍ර දේශ රැසක සිරවී සිටි පිරිස් ගම්බිම් වෙත යැවීමේ 12 වන වැඩසටහන අද ක්‍රියාවට නැංවුණේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගනය අසළදීයි.
ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ශ්‍රී ලංකා පොලීසිය හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය එක්වයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.
උතුරු කොළඹ පොලිස් කොට්ඨාශයේ පොලිස් ස්ථාන 8 කට අයත් 1,200 කට ආසන්න පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශ කරා පිටත්කර හැරීම අද සිදුකෙරුණා.
කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප යසරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා.
