fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සේනා හානි තක්සේරු කර සහන සැළසීමට සූදානම් (VIDEO)

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2019 12:21

සේනා හානි තක්සේරු කර සහන සැළසීමට සූදානම් (VIDEO)

කෘෂි භෝගවලට හානි සිදු කරන සේනා දළඹුවා මර්දනයට කෘෂිකර්ම අමාත්‍යාංශය මේ වන විටත් පියවර රැසක් ගෙන තිබෙනවා. එසම වැඩපිලිවෙල සදහා රුපියල් ලක්ෂ 500 ක් වෙන් කිරීමට රජය ඊයේ පියවර ගත්තා.

බඩඉරිගු වගාවට දැඩි හානි සිදු කළ සේනා දළඹුවා වී ඇතුළු සෙසු භෝගවලට ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව තිබෙනවා. සේනා දළඹුවා මර්දනයට විශේෂ පියවර රැසක් ගෙන තිබෙනවා.ඒ තුළින් දළඹුවාගේ ව්‍යාප්තිය පාලනය කළ හැකි වුවද දළඹුවා සම්පූර්ණයෙන්ම විනාශ කළ නොහැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් දළඹුවා සම්පූර්ණයෙන් විනාශ කළ හැකි ක්‍රමවේද  පිළිබද අවධානය යොමුකර තිබෙනවා.

උතුරු මැද, සබරගමු, පළාත් සහ මාතර ඇතුළු දිස්ත්‍රික් කිහිපයකට සේනා දළඹු අවධානම පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. මාතර, හක්මන මාලිම්බඩ සහ යටියන යන  ප්‍රදේශවලින් සේනා දළඹුවන් සහිත බඩඉරිගු විශාල වශයෙන් හමුවීමත් සමග සෙසු භෝගවලට ව්‍යාප්ති වීම පාලනය සදහා පියවර ගෙන ඇති බව මාතර දිස්ත්‍රික් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ධර්මප්‍රිය නානායක්කාර මහතා පවසනවා.

සේනා දළඹු ව්‍යාප්තිය හේතුවෙන් තම වගාවන්ය සිදුව ඇති හානි තක්සේරු කර සහනලබා දෙන ලෙසයි ගොවිජනතාව ඉල්ලා සිටින්නේ.

ගොවි ජනතාවට සහන සැළසීමේ වැඩපිළි‍වෙල කඩිනමින් ආරම්භ කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. තක්සේරු කටයුතු සදහා විශේෂ කණ්ඩායමක් ඉදිරි සතියේදී යොදවන බවයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ඩබ්ලිව්. එම්.  ඩබ්ලිව්. වීරකෝන් මහතා ප්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2019 12:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්