fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක ආර්ථිකය දිගුකාලීන පසුබෑමකට – ආර්ථික විශේෂඥයින් හෙළිකරයි

ITN News Editor
By ITN News Editor මැයි 23, 2020 12:17

කෝවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් ලෝක ආර්ථිකය දිගුකාලීන පසුබෑමකට ලක්විය හැකි බව ආර්ථික විශේෂඥ මහාචාර්ය නෝරියල් රවුබිනි පවසනවා.

එය යථා තත්ත්වයට පත් වීම ද මන්දගාමීව සිදුවිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අර්බුදය හේතුවෙන් අහිමිවන රැකියා නැවත ලැබීමේ ඉඩකඩ ද අවම බව ඔහු ප්‍රකාශ කරනවා.

කොවිඩ් නයින්ටීන් හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා 5,306,928 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා.

සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 2,160,530ක්.

වෛරස ආසාදනය හේතුවෙන් මරණ 340,072ක් වාර්තා වනවා.

රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213 ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 23, 2020 12:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්