Life+News The Official News Portal of Independent Television Network Ltd

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගන්න කරුණු ඇතැයි CID අධිකරණයට දන්වයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 15:17

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගන්න කරුණු ඇතැයි CID අධිකරණයට දන්වයි

හිටපු නාවික හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් කරුණු ඇති බව රහස් පොලීසිය අධිකරණය හමුවේ කියාසිටියා. ඒ මහතාගෙන් ඉදිරි සතියේදී ප්‍රකාශයක් ලබාගන්නා බවයි රහස් පොලීසිය තවදුරටත් අධිකරණයට දැනුම් දුන්නේ. ඒ  තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විභාගයට ගත් අවස්ථාවේදීයි.

මෙම නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වන නේවි සම්පත් නොහොත් හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට සැගවී සිටීමට ආධාර අනුබල දුන් අය සිටී නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය රහස් පොලීසියට නියෝග කළා. රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් කරුණු ඇති බව රහස් පොලීසිය කියාසිටියේ එම අවස්ථාවේදීයි. මේ අතර චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සැකකරුට විදේශ ගතවීමට ව්‍යාජ ලේඛන සකස් කිරීම සදහා ආධාර අනුබල දීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ලක්සිරි අමරසිංහ යන සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ලබන මස 2 වනදා දක්වායි.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 15:17
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්