පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන හෙරොයින් මත්කුඩු තොග ජාවාරම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම කාර්යාංශයේ නිලධාරින් 13 දෙනා තවදුරටත් ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද නියෝග කළා.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා ගෙන සිටින සැකකරුවන් 13 දෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.
විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා සදහන් කළේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ද විමර්ශනයක් සිදු කෙරෙන බවයි.
මත්ද්‍රව්‍ය පනත යටතේ මෙම සැකකරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පැමිණිල්ල ගොනුකර ඇති ආකාරය නීතිවිරෝධී බව සඳහන් කරමින් විත්තියේ නීතිඥවරු විසින් මීට පෙර අධිකරණය හමුවේ ලිඛිත දේශන ඉදිරිපත් කර තිබුණා. එම ලිඛිත දේශන වලට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිළිතුරු ලිඛිත දේශන අද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කළා.