ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙකු වන පූ කුඩු ඛන්නා යන අයට සම්බන්ධ හෙරොයින් ජාවාරමක සුළමුළ හෙළි කර ගැනිමට පොලිසියට හැකිවුණා.
ඉන්දියාවේ සිට මත්කුඩු ජාවාරම් මෙහෙයවන පූ කුඩු ඛන්නා නමැති පුද්ගලයා සමග සම්බන්ධවෙමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින්. ඒ හෙරොයින් ග්‍රෑම් 150 ක් ද සමගයි.
ජිංතුපිටියේ පදිංචි 27 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගනේමුල්ල, බෙල්ලන ප්රදේශයේදීයි. ඒ ගනේමුල්ල ප්‍රදේශයට බස් රථයකින් මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටියදීයි.
ජාත්‍යන්තර දුරකතන යෙදවුම් හරහා ඉන්දියාවේ ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමින් මොවුන් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි හෙළිවුණේ.