ලබන වසරේ සිට ශ්‍රී ලංකා ශිෂ්‍ය භට බලකායට ජනාධිපති වර්ණ ලබාදීමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
ආරක්ෂක ලේකම්වරයා මේ බව සදහන් කළේ රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදීයී. ශිෂ්‍ය භට බලකායේ හර්මන් ලූස් අභියෝගතා බාලක හා ද සොයිසා අභියෝගතා බාලිකා කුසලාන ශිෂ්‍ය භට ඇගයීම් කදවුරේ ජය සංකේත ප්රදානය මෙහිදී සිදු වුණා.
රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථාන සේනා විධායක කර්නල් එම්. ප්‍රේමතිලක සහ ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්යක්ෂ මේජර් ජෙනරාල් ජී.ඩබ්ලිව්.බී ජයසුන්දර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් උත්සවය සංවිධාන කර තිබුණා.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ඇතුලු ආරාධිතයින් රැසක් ඊට එක්ව සිටියා. විශිෂ්ඨ දක්ෂතා දැක්වූ පාසල් කණ්ඩායම් 69 ක බාලක බාලිකාවන් අතරින් ජයග්‍රහාක කණ්ඩායම වෙත අභියෝගතා කුසලාන මෙහිදී පිරිනැමුණා.
