ගිරිඋල්ල මත්තේගම ප්රදේශයේ මාඔයේ යකා බැදි ඇල්ල යන ස්ථානයේ දිය නාමින් සිටි පිරිසක් අතරින් තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා.
අද දහවල් 1.00 ට පමණ මෙම පිරිස දියනාමින් සිටියදී මෙම අනතුර සිදු වූ බවයි වාර්ථා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ මත්තේගම හා පන්නල ප්රදේශ වල වයස අවුරුදු 18ක් තරුණයින් දෙදෙනෙක්.
ඔවුන්ගේ මෘත ශරීර මේ වන විට දඹදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.
