ලොව පුරා සිටින WhatsApp පරිශිලකයික්ට අද (27) උදෑසන WhatsApp Web සේවාවට පිවිසීමේ දී ගැටළු මතු වූ බව වාර්තා වනවා.
එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ, අයිෆෝන් (iPhone) පරිශීලකයන් වෙත බවයි සඳහන් වෙන්නේ.
මෙම ගැටළු සම්බන්ධයෙන් මේ වනවිට Down detector වෙබ් අඩවිය වෙත පැමිණිලි ද ලැබී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ වන විට මෙම බාධාව සම්බන්ධයෙන් වාර්තා 25 ක් ලැබී ඇති බවත් ඒ අනුව ගෝලීය වශයෙන් සීමිත ප්‍රදේශවල මෙම ගැටළුව වාර්තා වන බවත් සඳහන්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට WhatsApp පාර්ශවයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.
කෙසේ නමුත්, ඇන්ඩ්‍රොයිඩ් (Android) පරිශීලකයින් බොහෝ දෙනෙකුට සේවාව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවටයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
