මනුෂ්‍ය ඝාතන තුනකට සම්බන්ධ සැකකරුවෙකු මිරිහාන කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොහුවල, වත්තල සහ ඇල්පිටිය ප්‍රදේශවලදී වෙඩි තබා පුද්ගලයන් තුන් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධීන්ට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. සැකකරු අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක පුද්ගලයෙක්.
ඔහු අද (03ධ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලීසිය ප්‍රකාශ කළා.
