රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුතු කේරල ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා.
බීම වාර්ග ප්‍රවාහනය කරන මුවාවෙන් ඉතා රහසිගතව කේරල ගංජා තොගය ප්‍රවාහනය කරමින් තිබූ බවයි නාවික හමුදාව පවසන්නේ. යාපනය මාදගල් ප්‍රදේශයේදී ලොරි රථය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී තිබෙනවා.
