ගාලු මුවදොර විරෝධතාව මෙන්ම අරලිගහ මන්දිරිය ඉදිරිපිට විරෝධතාව ද අදත් පැවැත්වෙනවා.
ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාවට දින 36 ක් වනවා. ඊයේ පස්වරුවේද විශාල පිරිසක් විරෝධතාවට එක්ව සිටියා. ගෝඨා ගෝ ගමදී නව සිනමාහලක් ද ආරම්භ කෙරුණා. එය නම් කර ඇත්තේ ටියර් ගෑස් සිනමා යනුවෙනුයි. ඒ සිනමාහල සදහා නිල ලාංඡනයක් ද හදුන්වාදී තිබෙනවා. ඒ වෙනුවෙන් සංගීත අනුවාදන ප්රසංගයක් ද පැවැත්වුණා. වැසි සහිත කාලගුණය හමුවේද අද පෙරවරුවේ ගාලුමුවදොර විරෝධතාවට පිරිසක් එක් වුණා.
අරලිගහ මන්දිරය ඉදිරිපිට නෝ ඩීල් ගම ද දෙවන දිනටත් අද ක්රියාත්මකයි. ඊයේ රාත්රියේ මෙන්ම අද පෙරවරුවේත් කූඩාරම් ඉදිකරගත් කිහිප දෙනෙකු ඒවායෙහි රැදී සිටිනවා. මයිනාගෝගම පැවති ස්ථානයේ ඊයේ දිනයේ නෝඩීල්ගම පිහිටුවීම සිදු වුණා.
ගෝල්ෆේස් අරගලයට පසුගිය 09 වනදා පහරිදීම සම්බන්ධයෙන් සිද්ධිය ඇසින් දුටුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව ක්රියා කරමින් සිටිනවා. අරගල භූමියටම ගොස් එම නිලධාරීන් මෙසේ සාක්ෂි සටහන් කර ගන්නවා.තොරතුරු ලබාදීමට කැමති ඕනෑම අයෙකුට ඒ සදහා ඉදිරිපත් විය හැකියි.
[ot-video type=”youtube” url=”https://youtu.be/9tCKy9DgiOM”]