ජාතික ආරක්ෂාව හොඳින් තහවුරු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මින්නේරිය යුද හමුදා පාබල පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.
යුද හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරමින් හමුදා සෙබලුන්ගේ සුබ සිද්ධිය සඳහා කැපවන බවයි හමුදාපතිවරයා මෙහිදී කියාසිටියේ. මින්නේරිය පාබල රෙජිමේන්තුවේ සේනාංකාධිපති මෙජර් ජෙනරාල් ජයශාන්ත ගමගේ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/fXzS31nu5X0″]
