බයිලු සුළිකුණාටුව හේතුවෙන් චීනයේ නැගෙනහිර ප්රදේශයට තද වැසි සහ නායයාම් රැසක් ඇතිවී තිබෙනවා.
චීනයේ ෆූජියෑං ප්රදේශයටයි සුළි කුණාටුවෙන් වැඩි බලපෑම් එල්ල වී තිබෙන්නේ. මිලිමීටර් 80 ක පමණ වර්ෂාපතනයක් එම ප්රදේශයට ඇද හැලෙන බවයි වාර්තා වන්නේ. නිවාස 4000කට පමණ විදුලි බලය ඇනහිට තිබෙනවා. පැයට කිලෝමීටර 90ක වේගයෙන් බයිලු සුළි කුණාටුව චීනයේ නැගෙනහිර ප්රදේශය හරහා හමා යමින් පවතිනවා. මෙම වසරේදී චීනයට බලපෑ 11 වන සුළි කුණාටුව මෙයයි.
