හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා 2010 – 2015 අතර කාලය තුළ දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ලබාදී ඇති නිර්දේශ ආංශික කාරක සභාව විසින් කතානායකවරයා වෙත යොමු කර තිබෙනවා.
හිස්බුල්ලා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දරමින් රජය හා සම්බන්ධ ගණුදෙනුවකට අත්සන් තැබීමෙන් වරදක් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දී තිබෙනවා. 2015 ජූනිමස 17 වනදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග බැටික්ලෝ කැම්පස් පුද්ගලික ආයතනය ඇති කර ගත් ගිවිසුමකට හිස්බුල්ලා මහතා මන්ත්‍රී ධුරය දරමින් අත්සන් තබා ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ. මන්ත්‍රීවරයා අදාළ ගිවිසුමට අත්සන් තබා ඇත්තේ ශ්‍රි ලංකා හිරා පදනමේ සභාපතිවරයා ලෙසයි. පාර්ලිමේන්තු නීතියට අනුව යම් අයෙකු රජය හා සම්බන්ධ ගණුදෙනුවකට හෝ කොන්ත්‍රාත්තුවකට අත්සන් තබන්නේ නම් එතැන් සිට ඔහු මන්ත්‍රීධුරය දැරීමට සුදුසුකම් ලබන්නේ නැහැ. ඒ අනුව 2010 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ හිස්බුල්ලා මහතා දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අතීතයට බලපාන පරිදි අහෝසි කිරීම පිලිබදව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආංශික අධීක්ෂණ කාරක සභාව කතානායකවරයා වෙත දැනුම් දී තිබෙනවා.