ප්රංශයේ පැරිස් නුවර වාර්තාවූ ඉහළම උෂ්ණත්වය ඊයේ වාර්තා වුණා. එය සෙල්සියස් අංශක 42.6 ක් ලෙස සටහන්වූ බවයි විදෙස් වාර්තා ප්රකාශ කළේ.
මීටපෙර සෙල්සියස් අංශක 40.4 ක ඉහළම උෂ්ණත්වය වාර්තා වුණේ 1947 දීයි. ජර්මනිය, බි්රතාන්ය සහ නෙදර්ලන්තයට ද දැඩි උණුසුම් කාලගුණ තත්වයක් බලපා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ.
