ඉන්දීය පී‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය අද(10) පැවැත්වෙනවා. ඒ චෙන්නායි සුපර් කින්ග්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර.
ශ්‍රී‍්‍ර ලංකා වේලාවෙන් රාතී‍්‍ර 7.30 ටයි තරඟය ආරම්භ වන්නේ. මහේන්ද්‍ර සිං දෝණි මෙහෙය වන චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට ප්‍රබල කී‍්‍රඩකයන් රැසක් ඇතුලත්. ෂෙරයාස් අයියර්ගේ නායකත්වයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරඟයට එක්වනවා. මෙතෙක් පැවැති තරඟ වලින් දෙවන ස්ථානයේ පසුවන්නේ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තුන්වන ස්ථානයේ රැඳීසිටිනවා.
ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟය අනිද්දා (12) පැවැත්වෙන්නේ හයිද්‍රාබාද් හිදී. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ වනවිටත් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාසිටිනවා. ඔවුන් සමඟ අවසන් මහා තරඟයට එක්වන්නේ අද (10) තරඟය ජයග්‍රහණය කරන කණ්ඩායමයි.