කොළඹ නෙළුම් කුළුණ සිය ව්‍යාපාර සැලැස්මේ මීළඟ අදියර වන ආයෝජන අවස්ථා සඳහා දැන්වීම් පළ කර තිබෙනවා. එය ලබන සැප්තැම්බර් මස 15 වන දා සිට ජනතාවට විවෘත කිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
අහස් විවේකාගාර සහ උත්සව ශාලා, 5 වන මහලේ කැරකෙන අවන්හලක්, සුඛෝපභෝගී කාමර 06ක්, නිරීක්ෂණ මැදිරියක්, සුවිශේෂී වෙළඳසැල්, සුපිරි සාප්පු, ඡායාරූප කුටියක් සහ ප්‍රදර්ශන ගැලරියක්, නවෝත්පාදන මධ්‍යස්ථාන, ඊ-ක්‍රීඩා පිටියක්, 9D සිනමා ශාලාවක්, ඩිජිටල් බැංකුකරණ ප්‍රදේශයක්, ඩිජිටල් කලා කෞතුකාගාරයක්, කාර්යාල පහසුකම්, අවන්හල් සහ විවේක ස්ථාන ආදී අංග ගණනාවකින් එය සමන්විතයි.
ඊට අමතකරව නෙළුම් කුළුණේ අහස කිමිදීම, බංගි පැනීම සහ සජීවී ප්‍රසංග වැනි අමතක නොවන අත්දැකීම් ද ලබා දෙයි.
මෙම අවස්ථා සඳහා ආයෝජනය කිරීමට කැමති ව්‍යාපාරිකයන් කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම අමතන ලෙස ඔවුන් දන්වා සිටිනවා.

