හෙරොයින් හා ව්‍යාජ මුදල් සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත්තා.
හෙරොයින් ග්‍රෑම් තුනයි මිලි ග්‍රෑම් සියයක් මෙම සැකකරු ළග තිබී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීත්‍යානුකූල නොවන අයුරින් වර්ණ මුද්‍රණ යන්ත්‍රයක් උපයෝගි කර ගනිමින් සකස් කල පන් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු තුනක් සහ හෙරොයින් ජාවාරමෙන් උපයාගත් රුපියල් 20.000කට ආසන්න මුදලක් ද ඔහු ලග තිබී සොයා ගැනුණා. සැකකරු කල්මුණකුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වැඩි දුර විමර්ශන සදහා සැකකරු කල්මුණේ පොලිස් ස්ථානයට භාර දි තිබෙනවා.
