තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනුණේ කරුවලගස්වැව ප්රදේශයේදීයි.
ඔහු ළඟ තිබී නීති විරෝධීව මෙරටට ගෙන්වූ දුම්වැටි 2000කට වැඩි ප්රමාණයක් සොයා ගෙන තිබෙනවා.
සැකකරු පුලියන්කුලම ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 54ක පුද්ගලයෙක්.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කරුවලගස්වැව පොලිසියට භාර දී තිබෙනවා.
