දංකොටුව තාමර කුලිය ප්රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණයේ නීති විරෝධී මත්පැන් පෙරීමේ ස්ථානයක් වටලා තිබෙනවා.
ඕකිඩ් මල් වගාවක් කරන මුවාවෙන් මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වී තිබෙන්නේ.
එහිදී ගොඩා මිලි ලීටර් 47 ලක්ෂ විසි දහස් පන්සීයක් සහ ස්ප්රීතු dharns 1440 ක් සමග සැකකරුවන් 02 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්පැන් පෙරීමට භාවිතා කළ ගෑස් සිරින්ඩර් 03 ක්, ලීටර් දහසේ ජල ටැංකි 03 ක්, ගෑස් ලිප් 02ක් දගර ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙහි නිෂ්පාදනය කරන මත්පැන් තොග වශයෙන් මීගමුව කොච්චිකඩේ සහ නගර ආසන්න ප්රදේශවලට කාලයක සිට බෙදා හැරී ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය ප්රකාශ කළා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 02 සමග සියලු නඩු භාණ්ඩ මාරවිල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.