අයහපත් කාලගුණයෙන් සම්පූර්ණයෙන්ම කැඩී ගොස් තිබූ මුලතිව් නයාරු ප්‍රධාන පාලමේ අලුත්වැඩියා කටයුතු යුද හමුදාවේ මැදිහත්වීමෙන් ආරම්භ කර තිබෙනවා.
ගංවතුර තත්ත්වය හේතුවෙන් මුලතිව් නයාරු ප්‍රධාන පාලම සම්පූර්ණයෙන්ම කැඩී ගොස් ඇති බව ඊයේ (02) මුලතිව් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
පාලම කැඩීයාම හේතුවෙන් මුලතිව් සිට වැලිඔය ප්‍රදේශයට, මුලතිව් සිට ත්‍රිකුණාමලයට, මුලතිව් සිට කෝකිලායි ප්‍රදේශයට ගමනාගමන කටයුතු සාම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව ද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.
