ඝන හා අර්ධ ඝන ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රියාත්මක කිරීම ලබන පළමුවනදා සිට සිදු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. ඊට අදාළ ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය මස 17 වනදා නිකුත් කළා.
ආහාරවල අඩංගු සීනි ලුණු සහ මේද ප්‍රමාණය පාදක කරගනිමින් ශ්‍රී ලංකාවේ දැනට වර්ධනය වෙමින් පවතින බෝනොවන රෝගවලින් පෙලෙන ජනතාවට ආහාර තෝරා ගැනීමේදී මග පෙන්වීම සඳහායි මෙම ක්‍රමවේදය ආරම්භ කෙරුණේ. මේ අනුව මෙරට ජනතාවට ආහාර සම්බන්ධයෙන් අවබෝධාත්මක පෙළඹවීමක් ඇති කිරීමට හැකි වනවා. මේ අනුව ලබන පළමුවනදායින් පසුව නිෂ්පාදනය කෙරෙන ඝන හා අර්ධ ඝන ආහාරවල වර්ණ සංකේතවත් කිරීම අනිවාර්ය වනවා. මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් අධික සීනි සහිත පානයන් හඳුනාගැනීම පහසු කිරිමට හේතුවුණා. දියවැඩියාව අධිරුධිර පීඩනය හෘදයාබාධ වැනි බෝ නොවන රෝගවලට ගොදුරු වන පිරිස ඉහලයාමට මෙවැනි ආහාර භාවිත කිරීම හේතුවක් වී තිබෙනවා.