ඉරානයේ ටෙහෙරාන් නුවර වීථිවල මේ වන විට දහස් ගණනක ජනතාවක් උද්ඝෝෂණවල නිරත වන බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරනවා.
මිසයිල ප්‍රහාරයක් එල්ල වීමෙන් විනාශයට පත් වූ ගුවන් යානය සම්බන්ධයෙන් ඉරාන රජය අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට විරෝධය පළ කරමිනුයි මෙම උද්ඝෝෂණ පැවැත්වෙන්නේ. විශ්වවිද්‍යාල සිසුන් රැසක් උද්ඝෝෂණවල නිරත වන බව සඳහන්. ඇතැම් ස්ථානවල කදුළු ගෑස් ප්‍රහාර එල්ල වූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළා. ගුවන් යානයට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 176 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර එහි සිටි වැඩිම පිරිසක් ඉරාන සහ කැනඩා ජාතිකයන්.