රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පරිවර්තනීය වෙනසක් සිදුකරමින් විද්‍යුත් ප්‍රසම්පාදන සේවාවක් හඳුන්වාදීම මුදල් අමාත්‍යාංශයේදී අද සිදු වුණා. ඒ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.
රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා අත්‍යවශ්‍ය අංගයක්ව තිබූ විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය හඳුන්වාදීමට පියවර ගැනුණේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ නව ප්‍රවණතාවක් ඇති කරමින්. මෙමගින් සියලු රාජ්‍ය අංශයේ ප්‍රසම්පාදන කටයුතු කාර්යක්ෂමව සහ විනිවිදභාවයකින් යුතුව සිදුකර ගැනීමට අවස්ථාව හිමිවනවා. රාජ්‍ය අංශයේ සියලු භාණ්ඩ සේවා හා විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය යටතේ සපයා ගැනීමට අවස්ථාව උදා වන විද්‍යුත් ප්‍රසම්පාදන සේවා වෙබ් අඩවිය විවෘත කිරීමද අමාත්‍ය මංගල සමරවීර මහතා අතින් සිදු වුණා.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රාජ්‍ය ආයතනවලට අවශ්‍ය භාණ්ඩ හා සේවා මෙන්ම වැඩ ප්‍රසම්පාදනයට අවශ්‍ය දැන්වීම් මෙම වෙබ් අඩවියේ පළ කිරීම ඉදිරියේදී අනිවාර්ය වනවා. සේවා සපයන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවලටද මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වී රාජ්‍ය අංශයේ ප්‍රසම්පාදන දැන්වීම්වලට අදාළව එම ඉල්ලුමට ප්‍රතිචාර දැක්වීමට හැකියාව ලැබෙනවා. රුපියල් බිලියන තුන්දහසක් පමණ වන රාජ්‍ය අය වැයේ වටිනාකමින් රුපියල් බිලියන 750 ක මුදලක් වැය කරනු ලබන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහායි.
නව විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය ක්‍රියාත්මක වීමෙන් එම ක්‍රියාවලියේ සිදුවන්නා වූ දූෂණ හා අක්‍රමිකතා මෙන්ම ප්‍රමාදයද වැළකී යනු ඇති. පුවත්පත් දැන්වීම් පළ කිරීමේ ක්‍රමවේදයෙන් බැහැර වීමටද විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය හරහා ඉඩකඩ හිමිවනවා. රාජ්‍ය ආයතන මෙන්ම භාණ්ඩ හා සේවා සපයන්නන්ගේද ප්‍රසම්පාදන ක්‍රියාවලි අනුගමනය කිරීමට අදාළ පිරිවැය අඩු කර ගැනීමට අවස්ථාව උදාවීමද මෙමගින් ලැබෙන තවත් ප්‍රතිඵලයක්. නව ක්‍රමවේදය ක්‍රියාත්මක වීම තුළින් සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ වසරකට රුපියල් බිලියන 27 ක් පමණ ඉතිරි කර ගැනීමට හැකිවනු ඇති බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ. නව ක්‍රමවේදය හදුන්වාදීමෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=92vkr4OC7H4&feature=youtu.be”]