මෙරට නිෂ්පාදනය කළ එළවළු සහ පලතුරු කිලෝග්‍රෑම් 4000 ක් පමණ මත්තල ගුවන්තොටුපලෙන් ඕමානය බලා රැගෙන ගියා.
සළාම් එයාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙම එළවළු සහ පලතුරු තොගය රැගෙන ගිය බවයි වාර්තාකරුවන් සඳහන් කළේ. මෙම යානය ඕමානයේ සිට ගුවන්මගීන් 150 දෙනෙකු සමග ඊයේ රාත්රියේදී මත්තල ගුවන්තොටුපලට පැමිණියා. එළෙස පැමිණි කණ්ඩායම පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමේ පසු නිරෝධායනය සඳහා යොමු කෙරුණා.
මේ අතර ශ්‍රී ලන්කන් ගුවන්සේවයට අයත් යූඑල් 226 ගුවන්යානයෙන් මගීන් 279 දෙනෙකු අද අලුයම මත්තල ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණියා. ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු ගාල්ලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානවල රැගෙන ගියා.
