රටේ ආරක්ෂක වාතාවරණය සැළකිල්ලට ගනිමින් තාවකාලිකව අත්හිටවූ පුපුරණද්‍රව්‍ය නිකුත් කිරීමේ කටයුතු නැවත ආරම්භ කර තිබෙනවා.
ආරක්ෂක මණ්ඩලය මගින් තාවකාලිකව අත්හිටු වූ පුපුරණද්‍රව්‍ය නිකුත් කිරීමේ කටයුතු යළි ආරම්භ කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මතයි. රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට අවශ්‍ය පුපුරණද්‍රව්‍ය ප්‍රමාණයන් දිස්ත්‍රික් ලේකම්වරයාගේ බලපත්‍රය මත රජයේ වානිජ පුපුරණද්‍රව්‍ය, ගිනි අවි හා පතුරම් මිලදී ගැනීම් ඒකකය මගින් ලබා ගැනීමට උපදෙස් ලබා දී තිබෙනවා.
එසේම කැනීම් කටයුතු සිදු කරන කර්මාන්ත සදහා අවශ්‍ය පුපුරණද්‍රව්‍ය අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් බලපත්‍රලාභීන් හා අවසර පත්‍ර ලාභීන්ට එම බලපත්‍ර හෝ අවසර පත්‍ර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කර ලබා ගත හැකි වනවා. මේ සම්බන්ධයෙන් වැඩි විස්තර අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, රජයේ වානිජ පුපුරණ ද්‍රව්‍ය ගිනිඅවි හා පතුරම් මිලදී ගැනීමේ ඒකකයේ දුරකතන අංක 0112 958 227 සහ ආරක්ෂක අංශයේ සිවිල් ආරක්ෂක හා සංවර්ධන අංශයේ දුරකතන අංක 0112 335 798 යන දුරකථන මාර්ගවලින් ලබා ගත හැකියි.
