අයවැයට ඡන්දය ලබා දීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට රැස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රී කණ්ඩායම් රැස්වීම එකගතාවයකින් තොරව අවසන්ව තිබෙනවා.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම හමුව පැවැත්වුණා. එහිදී තීරණයකින් තොරව එම සාකච්ඡා අවසන් වූ බවයි පැවසෙන්නේ.
පාර්ලිමේන්තු මන්ත්රි මහින්ද අමරවීර මහතා සදහන් කළේ අයවැයට ඡන්දය ලබා දීම පිළිබදව තීරණය කිරීමට හෙට(05) දිනයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනවෙනම රැස්වී සාකච්ඡා පවත්වන බවයි.
