සදා සුරකිමු දැයේ දරුවන් යන තේමාවෙන් මෙම වසර සදහා සුරක්ෂා රක්ෂණාවරණ ප්රතිලාභ ලබාදීම ක්‍රියාත්මකයි. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් ලේකම් නිහාල් රණසිංහ මහතා සහ අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂිකා සුරේකා අල්විස් මහත්මිය එම ගිවිසුමට අත්සන් තැබුවා. සෞඛ්‍ය, හදිසි අනතුරු සහ ජීවිතාරක්ෂණය ලෙස රක්ෂණාවරණ තුනකින් මෙය සමන්විතයි. රජයේ, පෞද්ගලික, විශේෂ උපකෘත සහ ජාත්‍යන්තර පාසල් මෙන්ම සියලු පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සිසුදරුවන්ට මෙම රක්ෂණාවරණයේ ප්රතිලාභ හිමිවනවා.